එන්නත ලබා ගත් ප‍්‍රථම පිරිමියා වන විලියම් ෂේක්ස්පියර් මියයයි..

ෆයසිර් එන්නත හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත නිපදවීම සිදුකර ඇත්තේ ජාන කේත( genetic code) කොටස් නැනෝ අංශුවක දවටා සිරුරට ඇතුළු කිරීමේ කරමවේදයට අනුවයි. එන්නතේදී කොවිඞ් 19 වෛරසය මතුපිට පවතින ‘‘ස්පයික් ප්රෝටීන’’ තැනීමට අපේ සිරුරේ ෙසෙල පොළඹවන අතර එම ප්රෝටීනයට පරතිචාර දක්වමින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්ය පරතිදේහ නිපදවීමට පරතිශක්තිකරණ පද්ධතිය කරියාත්මක වේ. මෙම එන්නත මගින් 90% ක සඵලතාවයක් ලැබෙනවා. මේ සඵලතාවය යනුවෙන් අදහස් කරන්නේ Pfizer හෙවත් කොවිඞ් 19 වෙනුවෙන් මහා පරිමාණව එන්නත් ලබා දීමේ වැඩසටහනට බිරතාන්ය විසින් හා පුරා කියා පියවර ගනු ලැබුවේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය. බිරතාන්ය ජාතික සෞඛ්ය අධිකාරි ආයතනය විසින් මුල් වටය වෙනුවෙන් තා්රා ගත්තේ වයස අවුරුදු 80 ඉක්ම වූ සහ සෞඛ්ය සත්කාර කාර්ය මණ්ඩලයි. කොවිඞ් 19 ට ආසාදිත වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයන් වෙත එක්සත් රාජධානියේ වැඩි අවධානයක් යොමු වීම නිසා මේ වයස් කාණ්ඩය තෝරාගත් බැව් බිරතාන්ය සෞඛ්ය ලේකම් ‘‘මැටී හැන්කොක්’’ පරකාශ කර තිබෙනවා.
 
මුල්ම එන්නත ලබා දුන්නේ ‘‘මාගරට් කිනන්’’ 91 හැවිරිදි වියේ පසුවෙන මාගරට්ට දෙසැම්බර් 8 වැනි දින මෙම එන්නත ලබා දුන්නේ ගරිනිච් වේලාවෙන් උදේ 6.31 ටයි. කොවින්ටිර විශ්වවිද්යාල රෝහලේ හෙද පාලක ‘‘මැයි පාර්සන්ස්’’ විසින් මාගරට් වෙත මෙම එන්නතේ මුල් මාතරව ලබා දුන්නා.
 
Pfizer එන්නත ලබා ගැනීමෙන් පසු මාගරට් කියා සිටියේ මෙම එන්නත ලබා ගත් පළමු පුද්ගලයා වීම ගැන මම ආඩම්බර වෙනවා. මං ඉතිහාසයටත් එක් වෙනවා. මේ ගැන මම වඩාත් සතුටු වෙන්නේ දැන් මට වයස අවුරුදු 91 ක්. තවත් වසරක් කියන්නේ මට හිතන්න අපහසුයි. ඒත් මම අවුරුදු 91 ක් වැනි වයසකදී මේ එන්නත ලබා ගත්තා නම් ඔබටත් බිය වෙන්න දෙයක් නැහැ. මේ මට ලැබුන හොඳම උපන්දින තෑග්ග…. මෙපමණ දවසක් කොවිඞ් 19 වසංගතයෙන් හැංඟිලා අපි ස්වයං හුදෙකලාව ජීවත් වුණා. දැන් මට මගේ පවුලේ අය සමග ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න පුළුවනි.. යැයි සඳහන් කළා.
 
Pfizer එන්නත දෙවැනියට ලබා දුන්නේ වෝවික්ෂයර් හි පදිංචි 81 හැවිරිදි ‘‘විලියම් ෂේක්ස්පියර්’’ ට. එන්නත්කරණ වැඩසටහනට අනුව එන්නත දෙවැනියට ලබාගත් සහ එන්නත ලබාගත් මුල්ම පිරිමියා ලෙස ඔහු වාර්තාගත වුණා. මෙම එන්නත තමාට ලබා දීම ගැන සතුටු වෙන බවත් ඒ වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය වෙත ඔහු එදා සිය ස්තුතිය පළ කළා. ඔහු එන්නත් මාතරා දෙකම කොවෙට්රි රෝහලේදී ලබා ගෙන තිබුණා.
 
පසුගිය මැයි 27 වැනි දින විලියම් ෂේක්ස්පියර් අභාවපරාප්ත වුණා. නමුත් ඔහු විසින් ලබා ගත් ෆයසිර් එන්නත සහ මරණය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බැව් බිරතාන්ය සෞඛ්ය අංශ විසින් සඳහන් කර තිබෙනවා.
 
පුන්යා චාන්දනී ද සිල්වා

Back to top button