කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙකු ඇතුළු වී තිබේ.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දින කිහිපයක සිට තමන්ට ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බව ය.
ගිණුමට ඇතුළු වූ පුද්ගලයා විසින් අද (පෙබ. 16) දින භාවිතයට උත්සහ ගෙන ඇති බව ද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, එහි පාලනය නැවතත් තමන් වෙත ලබා ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
පෙබරවාරි 16, 2022