කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ රටවල් දරිද්‍රතාවයෙන් මිරිකෙද්දී ලොව ධනවත්ම මිනිසුන් ඔවුන්ගේ ධනය දෙගුණ කරගෙන ඇති බව ඔක්ස්ෆෑම් අධ්‍යයනයකින් අනාවරණය කොට ඇත.
ගෝලීය දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති පුණ්‍යායතනය, ධනවත්ම පිරිමින් 10 දෙනාගේ ධනය දිනකට ඩොලර් බිලියන 1.3 ක පමණ අනුපාතයකින් ඩොලර් බිලියන 700 සිට ඩොලර් ට්‍රිලියන 1.5 (යුරෝ ට්‍රිලියන 1.314) දක්වා සාමූහිකව ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබේ.
Forbes ආයතනය ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනා ලැයිස්තුගත කර ඇත්තේ මෙසේය.
Tesla සහ SpaceX ප්‍රධානී Elon Musk, Amazon හි Jeff Bezos, Google නිර්මාතෘ Larry Page සහ Sergey Brin, Facebook හි Mark Zuckerberg, Microsoft හිටපු ප්‍රධාන විධායක නිලධාරීන් වන Bill Gates සහ Steve Ballmer, හිටපු Oracle ප්‍රධාන විධායක නිලධාරී Larry Ellison, අමෙරිකානු ආයෝජක වොරන් බෆට් සහ ප්‍රංශ සුඛෝපභෝගී සමූහයේ LVMH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට් එම දසදෙනාය.