යුක්රේනයෙන් පසු තවත් රටක් අල්ලන්න සැලසුමක්..

යුක්රේනයෙන් පසු මෝල්ඩෝවා රාජ්‍යය ආක්‍රමණය කිරීම රුසියාවේ මීලග ඉලක්කය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ, බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් පිරිසකගේ හමුවක් උපුටා දක්වමින්.

එහිදී බෙලරූස් ජනාධිපතිවරයා සිතියමක් පෙන්වමින් රුසියාව විසින් ප්‍රහාර එල්ල කරන යුක්රේනයේ නගර පිළිබඳ සිය ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එහිදී යුක්රේනයේ ඔඩෙස්සා වරාය නගරයේ සිට රුසියාවේ මෙහෙයුම් මෝල්ඩෝවාට යොමු කරන බවක් පෙනෙන්නට තිබූ බැවින් යුක්‍රේනයේ අසල්වැසි මෝල්ඩෝවට රුසියාව හමුදා ගමන් කිරීමට සැලසුම් කරන බවට සැක මතුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Back to top button