මුහුදට වැටුණු ඇමෙරිකන් යානයේ රහස් රැසක්..

දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි.

දකුණු චීන මුහුදට වැටුණේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, අති නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ‘එෆ්.35සී’ වර්ගයේ ප්‍රහාරක යානයකි. මෙවැනි යානයක වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 කි.

චීනය මෙම සිදුවීම ගැන දැනගත් සැණින්, ‘එෆ්.35සී’ යානය සොයා ගැනීමටත්, එහි රහස් අනාවරණය කර ගැනීමටත් උත්සාහ දරමින් සිටින බව ඇමෙරිකානු නාවික හමුදාව පවසයි. යානය සොයා චීනයට කලින් ඇමෙරිකාව මෛහයුම් ආරම්භ කර ඇත්තේ මේ නිසාය.

‘එෆ්.35සී’ යානය යානය, ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කරන යූ.එස්.එස්. කර්නල් වින්සන් නෞකාවට අයත් එකකි. යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වෙද්දී එය අනතුරට පත්වුණු බවත්, මුහුදට වැටුණු බවත් පැවැසෙයි.

යානයේ නියමුවා අනතුරින් දිවි ගලවා ගත් නමුත් යානය මුහුදේ ගිලුණි. යානය එසේ අනතුරට ලක් වී මුහුදට වැටෙද්දී, නෞකාවේ සිටි නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයෝ 7 දෙනෙක් තුවාල ලැබූහ.

දකුණු චීන මුහුද යනු චීන සිය ආධිපත්‍ය පතුරුවා ගත් මුහුදු කලාපයකි.

Back to top button