පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් මුල්වරට හඳුනා ගැණුනු ද්විත්ව විකෘති කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාව තුළ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ දැමීමට හේතුවී ඇති බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධාන බලධාරීන් පවසන්නේ, මෙය ලොව පුරා එන්නත්කරන ක්‍රියාවලිය ඇතුළු වෛරසය මැඩපැවැත්වීමේ උත්සාහයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවයි.
එමෙන්ම ලොව සෙසු රටවලටද ව්‍යාප්ත වෙමින් පවතින මෙම විකෘති ප්‍රභේදය ආසියාව සහ උතුරු ඇමෙරිකානු කලාපය ආශ්‍රිතව වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක කොවිඩ් සීමාවන් දැඩි කර ඇති අතර ඇතැම් ප්‍රදේශ ඉදිරියේදී වසා දැමීමේ අවධානමක්ද පවතින බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලබාදීම සඳහා ප්‍රමාණවත් එන්නත් නොලැබීමත් සමඟ එන්නත්කරන වැඩපිළිවෙළට බාධා එල්ලවීම හේතුවෙන් මුම්බායි ඇතුළු නගර බොහොමයක එන්නත්කරන මධ්‍යස්ථාන වසා දැමීමට සිදුව ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.