කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ දෙස් විදෙස් ගුවන් ගමන් සතියක කාලයක් සඳහා නවතා දැමීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (14) දිනයේ සිට සියලුම ගුවන් ගමන් නවතා දැමෙනු ඇත.
බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හෙට සිට ලබන 20 වැනිදා තෙක් බංග්ලාදේශයෙන් පිටත්වන සහ බංග්ලාදේශයට පැමිණෙන සියලු ගුවන් ගමන් නවතා දැමෙන බවය.
ගුවන් ගමන් 500කට වැඩි ප්‍රමාණයක් අවලංගු වන බව ද බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.