හිටපු ජනපතිවරයා නැවතත් ඡන්දය ඉල්ලන බවට කථාවක් යන බවත් ඒ පිළිබඳව තමන්ට ලැජ්ජාවක් ඇති බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසනවා.
එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අප්‍රේල් 21 දායින් පසුව පාරට බසින බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා
“මම ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලනවා රජයේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්න පත්කරපු ජනපති කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න.
දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනපතිතුමා ඡන්දේ ඉල්ලනවා කියලා කථාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද මේ කථාව කියන්නේ.
මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්.
කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. එතුමාට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගන්න තවදුරටත් පරක්කු කරන්න ඕන නෑ.
තමන්ගේ අතේ වරද තියාගෙන අත හෝදන්න යන්න පිලාතුල වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා.