වරායට ගිය ඇමතිට වැඩ වරදී..ආරක්ෂාව සහිතව ගෙන යයි..ගෙනා පණිවිඩයට වෙච්ච දේ මෙන්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව මේ වනවිට වරාය පරිශ්‍රයේ පැවැත්වෙන අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින වරයා සේවකයන් හමුවීමට ගිය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට සහ අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතාට එම සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දැනගන්නට තිබෙනවා.

මෙම විරෝධය හේතුකොටගෙන ගොඩහේවා මහතා සහ ප්‍රියත් බන්දු වික්‍රම මහතා ආපසු හැරී පැමිණ ඇති බවද වාර්තා වනවා..

දැනගන්නට ඇති ආකාරයට වර්ජකයන් මැදට ගොඩහේවා මහතා සහ ප්‍රියත් බන්දු මහතා ගොස් ඇත්තේ ආණ්ඩුවේ පණිවුඩයක් රැගෙනය.

ඒ අනුව එම පණිවුඩය වර්ජකයන්ට දැනුම් දීමට ප්‍රථම ගොඩහේවා මහතා වර්ජකයන් හමුවේ වරාය ඉන්දියාවට පැවරීමට ඉකුත් ආණ්ඩුව සමයේ ගත් තීන්දුව සම්බන්ධයෙන් දීර්ඝ කතාවක් කිරීම ආරම්භ කොට තිබෙනවා..

නමුත් මෙහිදී කලබලයට පත්ව ඇති උද්ඝෝෂකයන් දිගින් දිගටම ගොඩහේවා මහතාට විරෝධය පළකොට කෑ කෝ ගැසීමත් සමග ආරක්ෂක අංශ විසින් ඔවුන් දෙදෙනා ආරක්ෂා සහිතව වරාය පරිශ්‍රයෙන් ඉවතට ගෙන ගොස් ඇති බව දැනගන්නට තිබෙනවා.

මේ තත්ත්වය උඩ ආණ්ඩුවෙන් රැගෙන ආ පණිවුඩයද වර්ජකයන්ට ලබා දීමේ අවස්ථාව පවා මග හැරී ගොස් ඇති බව පැවසෙනවා.

කෙසේවෙතත් ගොඩහේවා මහතා රැගෙන විත් තිබූ පණිවුඩය වී ඇත්තේ වර්ජකයන්ට ආණ්ඩුව සමග තවත් සාකච්ජා වටයක් ලබා දීමට හැකියාව පවතින බවයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button