ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්..

ඇස්ට්රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්යතාවක් නොමැති බව ලෝක සෞඛ්ය සංවිධානය පවසයි.
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්ය සංවිධානය අවධාරණය කරයි.
 
එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ඔවුන් පවසයි.
 
කොවිඩ් මර්දනයට මේ වනවිට භාවිතයට ගන්නා එන්නත් අතුරින් ඇස්ට්රාසෙනෙකා එන්නත විශිෂ්ටතම එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි බව ද ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වාදෙයි.
 
ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙනි.
 
කෙසේවෙතත් මේ වනවිට යුරෝපය පුරා ලක්ෂ 50කට අධික පිරිසක් එම එන්නත ලබාගෙන ඇති අතර ඉන් රුධිර කැටි සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණක් බව සෞඛ්ය අංශ පෙන්වා දෙයි.
 
එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තහවුරු කළ අයහපත් තත්ත්වයක් පිළිබඳ වාර්තා වී නැතැයි ලෝක සෞඛ්ය සංවිධානය සඳහන් කරයි.
 
කෙසේවෙතත් මහා බ්රිතාන්යය ඔස්ට්රේලියාව මෙක්සිකෝව හා ජර්මනිය ප්රකාශ කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා එන්නත අඛණ්ඩව භාවිතයට ගන්නා බවය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button