හෝමාගම රෝහලේ කොවිඩ් වාට්ටු සියල්ල පිරීයයි..

හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් සඳහාම වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යන කොවිඩ් රෝගී ප්‍රතිකාර වාට්ටු සියල්ල මේ වනවිට රෝගීන්ගෙන් පිරීගොස් තිබෙන බව වාර්තා වී තිබේ.

මේ අනුව රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද (25) දිනයේ සිට වෙන්කර ඇති බව හෝමාගම මූලික රෝහලේ රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා,
“අපි තීරණය කළා හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද දිනයේ සිට වෙන් කරන්න. මෙවර අපි දකින විශේෂ දේ තමයි, මෙවර දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වන්නේ ගියවර වගේ නෙමෙයි, තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූලතා රහිත රෝගීන්. මේක විශේෂත්වයක්. කළයුතු එකම දේ තමයි ජනතාව තේරුම් අරගෙන විශාල වශයෙන් සංචරණය සීමා කිරීම.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button