කොරෝනා නිසා ඉතාලියේ වැඩි කොටසක් අද සිට Lockdown..

පසුගිය වසරේ (2020) සිට කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස බැට කෑ ඉතාලියේ තවත් කොරෝනා වසංගත රැල්ලක් මතු වීම හේතුවෙන් අද (15දා) සිට රටේ වැඩි කොටසක් අගුලූ දැමීමට ඉතාලි රජය විසින් තීරණය කර තිබේ.

මෙම අගුලූ දැමීම යටතේ රටේ බොහෝ සාප්පු, හෝටල් හා පාසල් අද දින සිට වසා දැමෙන අතර පාස්කු ඉරිදා දිනය මුල් කරගෙන අපේ‍්‍රල් 3-5 කාලසීමාව තුළ මුළු රටම අගුලූ දමන බව ඉතාලි ජනාධිපති මාරියෝ ඞ්රැුගී නිවේදනය කර ඇත.

මේ අනුව ඉතාලියේ ජනාකීර්ණම නගර වන රෝමය හා මිලාන් නගර ඇතුළුව රටෙන් වැඩි කොටසක් අද සිට අගුලූ දමන අතර පැතිරයන නව කොරෝනා වසංගත රැල්ල මැඬලීම සඳහා අගුලූ දැමෙන ප‍්‍රදේශවල ජනතාවට හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙස දැනුම් දී තිබේ. ඉතාලියේ මෙතෙක් පැවති කොරෝනා වසංගත රැුලි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

මේ අතර යුරෝපා සංගමයේ සෙසු රටවල් මෙන්ම ඉතාලියේද කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ ඉතා සෙමින් ක‍්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇති අතර අවශ්‍ය කරන එන්නත් ප‍්‍රමාණය නිසි වෙලාවට නොලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button