කැස්බෑව ප්‍රදේශය දැඩි අනතුරු දායක තත්ත්වයකට – කැස්බෑව සෞඛ්‍ය බලධාරිනිය කියයි..

කැස්බෑව ප්‍රදේශයෙන් දැනටත් PCR පරීක්ෂණ මගින් 30%කට අධික ප්‍රමාණයක් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරනවා.

මේ වනවිට කැස්බෑව ප්‍රදේශයේ දැඩි අනතුරු දායක තත්ත්වයකට පත්ව ඇති බව පවසන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය මේ තත්ත්වය යටතේ සියලු ප්‍රදේශ හුදකලා කළද බේරාගැනීමට අමාරු තත්ත්වයක පත්ව ඇති බවයි පවසන්නේ.

තවද දිනකට කොවිඩ් මරණ 2ක් පමණ කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තාවන බවත් සමන්තිකා විජේසුන්දර මහත්මිය පෙන්වා දුන්නා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button