මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී රෝග ලක්ෂණ මතුවීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
මෙම නව ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති අතර ඉන් ආරක්ෂාවීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවයි පෙන්වා දෙන්නේ.
නව වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වෛරස් ප්‍රමාණය පැය එකහමාරක් පමණ වාතය තුළ පවතින බවට අනාවරණවී ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම නව කොවිඩ් වෛරසය හේතුවෙන් වාර්තා වන රෝගීන් ගණන ඉහළ යාමේ අවදානමක් ඇති විය හැකි බවත් ඒ අනුව රෝහල් ධාරිතාවය ඉක්මවා ගියොත් ඛේදවාචකයක් විය හැකි බවටත් අදහස් පල කළා.