රන්ජන් දිගටම ඇතුළේ..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට ඉල්ලා මන්ත්‍රීවරයා විසින් සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
අගවිනිසුරුවරයා විසින් එම මෝසම සලකා බැලීමට විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත යොමු කර ඇති අතර එම විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබීය.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙසට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා තිබිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button