
මිනිසුන්ගේ සෞඛ්ය ප්රශ්නවලට පමණක් නොව සෞඛ්යයට කිසිම අදාළත්වයක් නැති දේශපාලන ප්රශ්නවලට පවා එදා වෛද්ය නිලධාරීන්ගේ සංගමය විදියට මේ තිදෙනා ප්රකාශ නිකුත් කළහ. නිවේදන ඉදිරිපත් කළහ. මහපාරේ ආණ්ඩුවට එරෙහිව පෙළපාලි ගියහ. උද්ඝෝෂණ කළහ.
නමුත් අද රටේම ජනතාවට වස කවන පිළිකාකාරක මහා පරිමාණ පාම් තෙල් ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. එහෙත් ඊට එරෙහිව පාදෙණිය හෝ නවීන් ද සොයිසා හෝ හරිත අලුත්ගේ හෝ කට ඇර වචනයක් කතා කරන ආකාරයක් අප දුටුවේ නැත. උද්ඝෝෂණ කරන ආකාරයක් අප දුටුවේ නැත. පෙළපාලි ගිය ආකාරයක් අප දුටුවේ නැත. තමන්ගේ විෂය ක්ෂේත්රයට අදාළව බරපතළ ගැටලුවක් රට තුළ මතුව ජනතාව මරු කටේ සිටියදී මේ තුන්දෙනාම අද සිටින්නේ ගොරොද්ද ඇද ඇද මර නින්දේය.
ජීවන පහන් තිලිණ