
ඒ දෙවන එක්දින තරගය කඩුලු පහකින් ජය ගැනීමත් සමගය.
තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් ලබා ගැනීමට සමත්විය.
එම ඉනිම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 96ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් තුළ කඩුලු 5ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළේය.
එම ඉනිම වෙනුවෙන් එවින් ලෙවිස් ලකුණු 103ක් සහ ෂායී හෝප් ලකුණු 84ක් ලබාගැනීමට සමත්විය.