තමන් ගැන සිහිවී ‘දරුවන් ගැන සිතූ’ මනුෂ

තමන්ගේ පියා නොමැතිව පැමිණි දුෂ්කර ගමන පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රම වාසනා අරමුදල විසින් සංවිධානය කර තිබූ උත්සවයක දී සිහිපත් කරනු ලැබුවා.

සේවා ස්ථානයේදී අනතුරට ලක්වීම නිසා ජීවිත අහිමිවූ හෝ ආබාධිත තත්වයට ලක්වූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ලබාදීම වෙනුවෙන් ශ්‍රම වාසනා අරමුදල විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණා.

මව හෝ පියා අහිමි දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාගැනීමේදී මුහුණදෙන දුෂ්කරතාවයන් ගැන මනුෂ දරුවන්ට කිව්වේ තමන්ගේ අත්දැකීම් ගැන සිහිපත් කරමින්. පියා අහිමිවීමෙන් පසුව දුෂ්කරතා මැද පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලැබූ ආකාරය ගැන සිහිපත් කළා. දරුවන් සහ ඔවුන් සමග පැමිණි භාරකරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ලබාදී තිබුණත් දිවා ආහාර වේලක් සංවිධානය වෙලා තිබුණේ නැහැ.

‘‘මෙතැන ඉන්න කවුරුවත් මෙතැනින් යන්න එපා. මෙහෙමම ඉන්න“කියපු මනුෂ තමන්ගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් එතැනින් පිටත් කරලා යැව්වේ මේ පිරිසට යන්න පුලුවන් බස් රථයක් ගෙන්වා ගන්න. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශයේ නිලධාරීන් බස් රථ දෙකක් අරගෙන ආවා. එතැනට පැමිණි දරුවන් හා භාරකරුවන් අරගෙන ගියේ මනුෂගේ බිරිදට අයත් රෙස්ටොරන්ට් එකට. ඒ වන විටත් මනුෂ සිය බිරිදට දුරකතනයෙන් කතා කරලා එතැනට ගිහින් සියලුම ළමුන්ට අවශ්‍ය ආහාර සූදානම් කරන්න කියලා දැනුම්දීලා තිබුණේ.

දරුවන්ටත්, දරුවන් එක්ක ආපු භාරකරුවන්ටත් දිවා ආහාරය සූදානම් කරපු මනුෂ ටික වෙලාවකින් එතැනට ඇවිත් දරුවන් එක්ක කෑම කාලා බොහෝ වේලාවක් ගත කළේ ඒ දරුවන්ගේ විවිධ දක්ෂතා ගැන කියපු කතා අසමින්

Back to top button