SLIIT උසස් අධ්‍යාපන ආයතනය, AWS ඇකඩමිය එක්ව සිසුන්ට ක්ලවුඩ් පරිගණක කුසලතා පිරිනමයි..

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SLIIT උසස් අධ්‍යාපන ආයතනය, තවත් සුවිශේෂී සහයෝගීතාවකට මුල පුරමින් AWS ඇකඩමිය හා එක්ව සිසුන්ට ක්ලවුඩ් පරිගණක කුසලතා පිරිනැමීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. AWS ඇකඩමිය යනු ඇමසෝන් වෙබ් සේවා වැඩසටහනක් වන අතර, උසස් අධ්‍යාපන ආයතන සඳහා ක්ලවුඩ් පරිගණක විෂයමාලා ඉගැන්වීම් පද්ධතියක් එමගින් පිරිනැමේ.

AWS විෂය ප්‍රවීණයන් පිරිසක් මෙම AWS ඇකඩමි විෂය මාලාව සංවර්ධනය කර ඇත. එහිදී වර්තමාන සේවා සහ නවීනතම යහපත් පරිචයන් අන්තර්ගත වීම කෙරෙහි දක්වා ඇත්තේ විශේෂ සැලකිල්ලකි. මෙම විෂය ඉගැන්වීම් කටයුතු සඳහා ද AWS ඇකඩමියේ අනුමැතිය ලත් අධ්‍යාපනවේදීන් සම්බන්ධ වී සිටීම කැපීපෙනේ. ‍

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button