කුණු ලොරියේ වැඩ කරන හිටපු නගරාධිපතිනිය..

 
ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභාවේ කුණු ලොරියක කුණු එකතු කරන සේවිකාවක ලෙස රැකියාව කරන බව එරට ‘එක්ප්රෙසෙන්’ පුවත්පත උපුටා දක්වමින්, ‘පොලිටිකෝ යුරෝප්’ වෙබ් අඩවිය පවසයි.
 
ගුටෙන්බර්ග් යනු ලක්ෂ 5 කට වැඩි පිරිසක් ජීවත් වන ස්වීඩනයේ දෙවැනි විශාලතම නගරය වන අතර, 56 හැවිරිදි ඇන් සොෆී හර්මන්සන් නගරාධිපතිනිය ලෙස කටයුතු කළේ 2016 සිට 2018 තෙක් කාලයේය.
 
හර්මන්සන් ජීවත් වන්නේ කුලී නිවාසයක බව පැවැසෙයි. නගරාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඇය ඇගේ නිවසේ කුලිය ඇතුළු දෛනික අවශ්යතා සපුරා ගැනීමට රැකියාවකට යොමු වීමට තීරණය කළාය. නගරාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, හර්මන්සන් බරවාහන රියදුරු බලපත්රයක් ලබා ගත්තාය. ඉන්පසු ඇය නගරසභාවේ කුණු ලොරියට සම්බන්ධ පිරිසුදු කරන්නියක ලෙස සේවයට එක් වූයේ ඒ සඳහා නියමිත ක්රියාපටිපාටියට අනුව ඇයැදුම්පතක් යොමු කිරීමෙන් පසුව යැයි ද පැවැසෙයි.
 
තමන් නගරාධිපතිනිය ලෙස සේවය ලාබා දුන් නගර වැසියන් වෙනුවෙන් තව දුරටත් මෙසේ තම සේවය ලබා දීමට හැකියාව ලැබීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වන බව ද ඇන් සොෆී හර්මන්සන් සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.
 
56 හැවිරිදි තමන්ට විශ්රාම යන වයස් සීමාව එනම් අවුරුදු 65 තෙක් ජනතාවටත් නගරයටත් සේවයක් ලබා දීමට හැකිවීම ආඩම්බරයක් සහ ගෞරවයක් යැයි ද හර්මන්සන් පවසා ඇත.

Back to top button