සිසුන්ගේ ගුටිකෙළියට 5ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල සංසරණය වන එම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

එහිදී සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීම සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අදාළ ස්ථානයේ දබර කර ගැනීම හේතුවෙන් තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බව පොලීසිය පැවසුවේය.

සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Back to top button