යහපාලන හොරකම් ගැන ඇසු ගමන් රනිල් කෝපවෙයි.. වැඩසටහන අතරමග නැගිට යයි..

යහපාලන රජය සමයේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී කෝපයට පත්වූ වික්‍රමසිංහ මහතා සාකච්ජාව අතරමග නවත්වා පිටව යාමට කටයුතු කර තිබේ.

අන්තර්ජාල නාළිකාවක් මගින් මෙම සම්මුඛ සාකච්ජාව සිදු කර ඇති අතර එහිදී ඉකුත් යහපාලන සමයේ සොරුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව තමන් හොරකු නොවන බව පිළිගන්නා ලෙස සාකච්ජාව මෙහෙයවූ පුද්ගලයාගෙන් ඉල්ලීමක් කරන ආකාරයක් දැකගන්නට ඇත.

නමුත් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ කෝපයට පත්වන වික්‍රමසිංහ මහතා සාකච්ජාව නවත්වා පිටව යාමට කටයුතු කරන ආකාරයක් දැකගන්නට පුලුවන.

Back to top button