‘දොස්තර දුනු උපදෙස’ ගිරිරාජ් ක්‍රියාත්මක කරයි..

අපේ රටේ සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මෑත කාලයේ අපේ රටේ බොහෝ දෙනෙක් අතරේ ඔහු ගැන කතා බහට ලක්වුණේ ඔහු රංගනයෙන් දායක වුනු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ කුකුළා මුදලාලිගේ චරිතය නිසයි.

කොහොම නමුත් මේ දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ රංගන ජීවිතයට සමුදෙන්න තීරණය කර ඇති බව තමයි අපට දැනගන්න ලැබුනේ.

ඉතින් ඒ නිසාම අපට නැවත කිසිදු ටෙලිනාට්‍ය නිර්මාණයකින් හෝ කිසිඳු වැඩසටහනක් ඔස්සේ එතුමන්ව දකින්නට නොලැබේවි. කෙසේ වෙතත් මේ වගේ තීරණයක් ගන්න හේතුව වෙලා තියෙන්නේ ලියුකේමිය රෝගී තත්වයෙන් එතුමන් ප්‍රතිකාර ලබන නිසා එතුමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලන වෛද්‍යවරුන්ගේ නිර්දේශය නිසා කියලයි අපට දැනගන්න ලැබුනේ.

ඒ අනුව ගිරිරාජ් කෞශල්‍යයන්ගේ වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙන්නේ රූ ගත කිරීම් කටයුතු වලදී අදික වෙහෙසක් දරන්නට සිදුවෙන නිසාවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන සිතමින් ගිරිරාජ් කෞශල්‍යයන්ට රංගනය නවත්වන ලෙසයි.

කොහොම නමුත් නැවත ඔහුව රංගනය තුලින් දකින්නට නොලැබීම ලංකේය කළා ක්ෂේත්‍රයට විශාල පාඩුවක් වනු නොඅනුමානයි. ඉතින් ඒ වගේම මේ දක්ෂ ප්‍රවීණ කළා කරුවාට අපි ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

Back to top button