ඔස්ට්‍රේලියානු මැතිවරණයේ ජය කම්කරු පක්ෂයට.. නව අගමැති ඇන්තනි ඇල්බනීසි..

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂය අද පැවති මැතිවරණය ජයග්‍රහණය කළා. එහෙත් බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට එයට හරිත පක්ෂයේ සහ ස්වාධීන අපේක්ෂකයින්ගේ සහය ලබාගන්නට වේවි.

මෙවර මැතිවරණයේ විශේෂත්වය වූයේ ස්වාධීන අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමයි. හරිත පක්ෂයත් තම ඡන්ද පදනම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා වන කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීසි හෙවත් “ඇල්බෝ” වූ කලී ඉතා දුගී පවුලක උපත ලැබූවෙක්. ඔහුගේ මව ඔහුව බිහි කළේ නිවාස නොමැති අයට රජයෙන් ලබා දෙන කුඩා නිවසකදීයි. බොහෝ කලක් යන තුරු තමන්ගේ පියා කවුද කියාවත් ඔහු දැන සිට නැහැ. එහෙත් ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුව පත් කර ගනිද්දී ජනතාව ඔහුගේ ඒ කර්කශ අතීතය සලකා බැලුවේ නැහැ.

Back to top button