බැසිල්ට පනින්න බැරි වෙයි – ගුවන් තොටුපොලේදී දැඩි විරෝධයක්..

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව වාර්තා වෙයි.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී තිබේ.

එමෙන්ම ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු අදාළ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කණුගල මහතා පවසා ඇත.

සිය නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගත් බව කේ.ඒ.ඒ.එස් කණුගල මහතා පෙන්වාදෙයි

Back to top button