වාර්තාවක් තබමින් රත්තරන් මිලත් වැඩිවේ..

රුසියා-යුක්‍රේන යුද වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම රන් මිල වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ආසන්න බවය.

ඒ අනුව මෙරට රන් මිලද ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම මිල ප්‍රමාණය වාර්තා කර තිබේ.

හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 135,000ක් වාර්තා වෙයි.

එසේම එම මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 125,000ක් ලෙසටය.

Back to top button