වනිදු IPL පිටිය හොල්ලයි (VIDEO)

අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවති තරඟයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුළු 3ක ජයක් ලැබීමට රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා ක්‍රීඩකයින් පන්දු වාර 18යි පන්දු 5ක් තුළ දී සියළු දෙනා දැවී ලකුණු 128ක් රැස් කළා.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සිය පන්දු වාර 4 තුළ දී ලකුණු 20ක් පමණක් ලබාදී කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

මේ වනවිට අයි පී එල් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් වනිදු හසරංග තරඟ දෙකක දී ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 5ක්.

එක් අවස්ථාවකදී වනිදුට කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමේ අවස්ථාවට සමීප වීමට අවස්ථාවක් හිමිවූයේ එකපෙළට කඩුලු දෙකක් දවා ගැනීමටත් සමඟයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු දෙකක් තුළ දී කඩුලු 7ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Back to top button