කොළඹ නගර සභාව, යාපනයේ යන්න ලක්ෂ 34ක් වැය කරලා..

රුපියල් ලක්ෂ තිස් හතරකට අධික මහජන මුදලක් කාබාසිනියා කරමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක ප්‍රමුඛ නාගරික මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් අසූවක පිරිසක් ඉකුත් දින හතරේදී යාපනයේ සංචාරයක නිරත වූහ.

අත්දැකීම් හුවමාරු කරගනිමින් දැනුවත්වීමේ වැඩසටහනක් පැවැත්වීමට වලිකාමම් නිරිත ප්‍රාදේශීය සභාවේ ආරාධනයක් අනුව සිදුකෙරෙන සංචාරයක මුවාවෙන් මෙම ගමන සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතා කඩිමුඩියේ සංවිධානය කර ඇති බව නගර සභා ලේඛනවලින් වාර්තා වේ.

අතුරු ව්‍යවස්ථාවට අනුව රුපියල් පනස්දහසකට වැඩි මිලදී ගැනීම් සඳහා විවෘත ටෙන්ඩර් කැඳවිය යුතු වුවත් ඇතැම් මිලදී ගැනීම් නිශ්චිත බැවින් විවෘත මිල ගණන් කැඳවීම් ප්‍රායෝගික නොවන බව කියමින් නාගරික කොමසාරිස්වරයා මෙම ගමනේ වියදම් ගැන නිර්දේශ නිකුත් කර ඇත්තේ මෙම සංචාරයට අදාළව සුදුසු තීරණයක් ගන්නැයි සභාවටම යෝජනා කරමිනි.

නගර සභා හා නගර සංචාරය යාපනය පුස්තකාලය නැරඹීම හා සංස්කෘතික අංගයක් හැරුණු විට ලක්ෂ ගණනින් මෙවැනි විශාල මුදල් කන්දරාවක් වැය කර ඇත්තේ ආහාර පාන, ඉ¾දුම් හිටුම් හා ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා වීම විශේෂත්වයකි.

ඒ අනුව පසුගිය 17 වැනිදා රාත්‍රි 11.00ට කොළඹින් පිටත්ව ඇති මන්ත්‍රි පිරිස සිය සිවු දින පුහුණු සංචාරය ඊයේ 20 නිමකර සවස 2.00ට කොළඹට ළඟාවීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් සභිකයන් 119කින් සමන්විත කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන්ගෙන් මෙම ගමනට සහභාගි වී ඇත්තේ 80ක් පමණි

ඉතාම අඩු මිලට වෙන්කර ගැනීම් කළ හැකිව තිබුණත් කලබලයෙන් හා විනිවිදභාවයෙන් තොරවත් කර ඇති සංවිධාන කටයුතු නිසා මෙම නාගරික මන්ත්‍රිවරුන් පිරිස වෙනුවෙන් තරු පන්තියේ වියදමක් දැරීමට අවසානයේදී මහජනතාවට සිදුව ඇති බව පැහැදිලිය.

සංචාරයේ ඉ¾දුම් හිටුම් සඳහා වලිකාමම් ප්‍රදේශයේ පවතින රජයේ සහ පෞද්ගලික සංචාරක හෝටල් වෙතින් මිල ගණන් කැඳවනු ලැබූ බවත් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන තල් සෙවණ සංචාරක නිකේතනය ගැන වාචිකව විමසූ බවත් නගර සභා ලේඛනවල සඳහන් වේ.

“තල් සෙවණ” නිකේතනයේ එම දින දෙක සඳහා වන සියලුම කාමර පහසුකම් විවිධ පාර්ශ්ව වෙන්කරගෙන ඇති බව වාචිකව ප්‍රකාශ කළ බවත් නාවික හමුදාව පවත්වාගෙන යන ‘දඹකොළපටුන’ සංචාරක නිකේතනය වෙන්කරදෙනු ලබන්නේ නාවික හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ සමීප ඥාතීන්ට පමණක් බව විද්‍යුත් තැපෑල මඟින් දන්වා තිබූ බවත් එම ලේඛනවල සඳහන් වේ.

ඉන්පසුව පෞද්ගලික අංශයේ සංචාරක නිකේතනවලද වාලම්පුරි, ජෙට්වින් ජැෆ්නා හා ජෙට්වින් නෝත්ගේට් යන හෝටල්වලින් මිල ගණන් කැඳවන ලද අතර අන්තර්ජාලයේ සඳහන් පරිදි අනෙකුත් සංචාරක නිවාස සහ නිවාඩු නිකේතනවලට අසූ දෙනකුට ආසන්න ප්‍රමාණයකට ආහාර හා ඉ¾දුම් හිටුම් ලබාදීමේ පහසුකම් නොමැති බව නිරීක්ෂණය වූ බැවින් මෙම කාර්ය සඳහා ධාරිතාවක් සහිත ඉහත සංචාරක හෝටල් වෙතින් මිල ගණන් කැඳවන ලද බවද එහි සඳහන් වේ.

වාලම්පුරි සංචාරක හෝටලය එහි මිල ගණන් පතෙහි දන්වා ඇති පරිදි එදිනට වෙන්කර නොගෙන ඉතිරිව ඇත්තේ කාමර 15ක් පමණක් බැවින් එහි නවාතැන් ගත හැක්කේ උපරිම වශයෙන් 45 දෙනකුට පමණක් බැවින් ජෙට්වින් ජැෆ්නා හා ජෙට්වින් නෝත්ගේට් යන හෝටල්වල මිල ගණන් සමාන බව නිරීක්ෂණය වූ අතර එබැවින් වැඩි පහසුකමක් සහිත ජෙට්වින් නෝත්ගේට් හෝටලයෙන් නවාතැන් සහ ආහාර ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වූ බවද එම ලේඛනවල වැඩිදුරටත් සඳහන් වේ.

2022 පෙබරවාරි 18 වැනි දින උදෑසන යාපනයට යෑමට අදහස් කරගෙන සිටින බැවින් සහ සංචාරක හෝටලයට ඇතුළත්වීමේ වෙලාව පස්වරු 2.00 වන බැවින් නවාතැන් හා ආහාර වෙන්කරගත යුතු ආකාරය දැක්වෙන නිර්දේශ තුනක් එහි මෙසේ සටහන් කර ඇත.

නිර්දේශ තුනක්

1. 18 වැනි දින උදෑසන ආහාරය හෝටලයෙන් වෙනම ලබාගත යුතුය.

2. 18 හා 19 උදෑසන ආහාරය දක්වා ෆුල්බෝඩ් පදනමෙන් ආහාර හා නවාතැන් ලබාගැනීම.

3. 19 දින රාත්‍රි සිට 20 උදෑසන දක්වා හාෆ්බෝඩ් පදනමින් ආහාර හා නවාතැන් ලබාගැනීම.

පුහුණු සැසිය සඳහා සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම් සඳහා වන මිල ගණන් සැසඳීම මෙසේ දක්වා ඇත.

පහත සඳහන් ආයතනවලින් මිල ගණන් කැඳවන ලදී. සහභාගි වන නාගරික මන්ත්‍රිවරුන් ප්‍රමාණය 80ක් පමණ වන නිසා බස් රථ දෙකක් අවශ්‍ය වන බව නිරීක්ෂණය වේ.

ඒ අනුව මිල ගණන සැසඳීම පහත පරිදි වේ.

Back to top button