රුසියාව කොඩිය ‘ඔසවන්න’ තව පැය කිහිපයයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් යුක්‍රේනය සමග සාකච්ඡාවලට කැමැත්ත පළකර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කියුව් නගරයට මේ වනවිට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතින බව මාධ්‍ය පෙන්වා දෙයි.

ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියුව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ, ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වන අතර රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බවය.

එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් කුමන තත්ත්වයක වුවද තමන් යුක්‍රේනය අතහැර නොයන බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,

“සියලුදෙනාටම සුබ සන්ධ්‍යාවක්, අපගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා මෙහි සිටිනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මා සමග සිටිනවා. අගමැතිවරයාත් මෙහි සිටිනවා. ජනාධිපති උපදේශකවරයාත් මෙහි සිටිනවා. ඔබගේ ජනාධිපතිවරයාත් මෙහි සිටිනවා. අපගේ හමුදාවන් සහ පුරවැසියන් ද මෙහි සිටිනවා. අපි සියලුදෙනාම අපේ රටේ නිදහස සුරැකීමට මෙහි සිටිනවා. ඒ වගේම අපි තවදුරටත් එය සිදුකිරීමට සූදානම්. අපගේ ආරක්ෂකයින් සදා දිනේවා, යුක්‍රේනයද සදා දිනේවා, අපගේ වීරයන්ද සදා දිනේවා.”

Back to top button