පරිණත ක්‍රීඩකයන් ඉවත් කිරීමේ මාෆියාවක් – යළිත් ක්‍රිකට් වට්ටන්න කොන්ත්‍රාත්තුවක්..

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ නව සංශෝධන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි අර්බුදයක් මතුව ඇති බව වාර්තා වනවා. මේවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ හේතුවෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.

ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව පිරික්සීමට විනාඩි 8.35ක කාලයක් තුළ ක්‍රීඩකයින් කිලෝ මීටර 2ක දුරක් දිවිය යුතුව තිබූ අතර ජාතික ක්‍රීඩකයින් විනාඩි 8.10 තුළ එය අවසන් කළ යුතු බව මේවනවිට දන්වා තිබෙනවා.

එසේ නොවුණහොත් ඔවුන්ට ගෙවන වාර්ෂික කොන්ත්‍රාත්තු මුදල අඩු කිරීමට ද තීරණය වී තිබෙනවා.

මහේල ජයවර්ධන,අරවින්ද ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන්ගේ අවශ්‍යතාව අනුව මෙම වැඩපිළිවෙල සකසා ඇති අතර රොෂාන් මහානාම සහ කුමාර සංගක්කාර ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ.

වසරකට සිව්වරක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවත්වන ලොව එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර අඩුම මුදලක් ක්‍රීඩකයන් සඳහා ගෙවන කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ජයග්‍රාහී මානසිකත්වයක සිටින ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් බිඳ හෙළීම සඳහා ක්‍රියාත්මක මාෆියාවක ආරම්භය මෙය බව සක්සුදක් සේ පැහැදිලිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අප හෙළි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

Back to top button